ශ්‍රී ලංකා

පාස්පෝට් ගන්න ඔන්ලයින් වෙන් කිරීම් අද සිට නවතී !

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ මාර්ගගත ක්‍රමවේදයට දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය මින් ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පැමිණෙන පිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද (28) සිට ආරම්භ කෙරෙනවා.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ මාර්ගගත ක්‍රමවේදයට දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ.

කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ජනතාව ඊයේත් දැඩි අසීරුතාවකට පත්වුණා.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ඊයේ ප්‍රකාශ කළේ නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වාදීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ඒ සඳහා විදේශීය සමාගමකට දැනටමත් ටෙන්ඩරයක් ප්‍රදානය කර ඇති බවයි.

හදිසි අවශ්‍යතා සඳහා පමණක් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන ලෙසයි එහි දැක්වුණේ.

හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000 ක පමණ ප්‍රමාණයක් ඔක්තෝම්බර් මස අවසානයේ හෝ ඊට පෙර ලැබීමට නියමිත බවද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වුණා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago