ශ්‍රී ලංකා

පාලිත රංගේ බණ්ඩාරව එජාප මහලේකම් ධූරයෙන් එළවයි !

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් තීරණය කර තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් ලැබී ඇතැයි පැවසෙන බරපතල කාරනා කිහිපයක් සැලකිල්ලට ගනිමින් එජාප නායකයා මෙවැනි තීරණයකට එළඹ තිබෙනවා.

ඒ අනුව පාලිත රංගේ බංඩාර සිය දියණියට ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයේ රැකියාවක් ලබාදෙන මෙන් ජනාධිපතිවරයාට බලපෑම් කිරීමත්, ඔහුට මහලේකම් තනතුර සඳහා ලබාදී තිබූ වාහනය සිය පුතා වෙත ලබාදී ඇති අතර ඔහු විසින් එම වාහනයෙන් අනතුරක් සිදු කිරීම සහ මුදලට විවිධ ආසන සංවිධායකවරු, පක්ෂ නියෝජිතයන්, නිලධාරීන් පත් කිරීම යන චෝදනා මත ඔහුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලේකම්වරයා පත්කිරීමේ හා අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂ නායකයා ටය.

පසුගිය දින කිහිපයේ ඔහු ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා නොපැමිණි බවද වාර්තාවනවා.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන් වෙත මැතිවරණ මෙහෙයුම් වගකීම් බාරදීමට එජාප නායකයා ඊයේ (28) කටයුතු කර තිබෙනවා.

පක්ෂ ආරංචි මාර්ග විසින් මේ බව සඳහන් කරන අතර ඔහු ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට ද සහභාගී වී නැතැයි සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago