ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළා.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේත්, ප්‍රධාන නිරීක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේත්, නාචෝ සැන්චේස් අමෝර් මහතාය.
නාචෝ සැන්චේස් අමෝර්, ස්පාඤ්ඥය නියෝජනය කරමින්, යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
යුරෝපා සංගමය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන නිරීක්ෂකයන් ගණන 10 කි. ඊට අමතරව, රට පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 26 දෙනකු සම්බන්ධ වනු ඇත.ඉදිරියේ දී තවත් මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිතය.
විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අද (29) කොළඹ හිල්ටන් හෝටල පරිශ්‍රයේ දී ඔවුන්ගේ රාජකාරි ආරම්භ කළ අවස්ථාවේ, නාචෝ සැන්චේස් අමෝර් මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඔවුන්ගේ ක්‍රියාදාමය ගැන කෙටි පැහැදිලි කිරීමක් කළා.
සැප්තැප්මබර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව කළ ඇරැයුම පිළි ගනිමින් තමන් සහ තම නිරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණි බවත්, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවේ මැතිවරණයක් නිරීක්ෂණයට පැමිණි හත් වැනි අවස්ථාව මෙය බවත් සැන්චේස් අමෝර් මහතා එහිදී පැවැසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…