පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු විසින් සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ ජාතික ජන බලවේගයේ ආධාරකරුව මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.
ඊයේ (29) සවස 2 ට පමණ ජාතික ජන බලවේගයේ ආධාර කරුගේ නිවසට පැමිණ ඇති පොදු ජන පෙරමුණේ ආධාර කරුවන් දෙදෙනා මාලිමාවට වැඩ කරන්න එපා යැයි කියමින් බැණ වදිමින් මෙම පහරදීම සිදුකර තිබෙනවා.
පහර කෑමට ලක්වී ඇත්තේ අංක 83/ඩී වෑලිය උතුර මිනුවන්ගොඩ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ පූර්ණිම ප්‍රභාත්( 39) නැමැති විවාහක අයෙකු බවද පොලිසිය පවසනවා.
සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී ඇතැයි පවසන මිනුවන්ගොඩ පොලිසිය සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි කියා සිටි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…