ශ්‍රී ලංකා

මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් !

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් යොදවන බව ප්‍රජා පොලිස්, සංචාරක, ආයෝජන සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවසීය.

දිවයින පුරා ස්ථාපිත 13,000 කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සහ 45 කට වැඩි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ මැතිවරණ කාල සීමාව තුළ ක්‍රියාත්මක කෙරෙන ජංගම රථ 3200 ක් සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.

ජනාධිපති අපේක්ෂකයන් තිස් අට දෙනා පිළිබඳව බුද්ධි වාර්තා මේ වන විටත් ලබාගෙන ඇති අතර එම බුද්ධි වාර්තාවලට අනුව ඒ ඒ අපේක්ෂකයන්ට ඇති තර්ජන වල තක්සේරු අනුව පොලිස් නිලධාරීන් 260 ක් ඔවුන්ගේ සෘජු ආරක්ෂාව සඳහා යොදා ඇති බවද ඔහු පැවසුවා.

යම් තර්ජනයක් සහිත අපේක්ෂකයන් පවත්වන රැස්වීම් සඳහාද පොලිස් ආරක්ෂාව ලබාදීමට මේවන විටත් කටයුතු කර ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට තවදුරටත් දන්වා සිටියා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

24 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago