ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර අද ( 31 ) සිට සැප්තැම්බර් 03 වන දින දක්වා එම දේවාලය ආසන්නව ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ සංචාරය කරන බැවින් පෙරහැර පැවැත්වෙන කාලය තුළ මාර්ගය ආශ්‍රිතව වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.
පෙරහැර ගමන් ගනා කාල සීමාව මෙසේයි.
31 සෙනසුරාදා – දහවල් 01.00 සිට රාත්‍රී 08.00 දක්වා
01 ඉරිදා – දහවල් 01.00 සිට රාත්‍රී 08.00 ට දක්වා
02 සඳුදා – සවස 06.00 සිට 03 දා අළුයම 04.00 දක්වා
03 අඟහරුවාදා – 03 දා සවස 06.00 සිට පසුදා අළුයම 04.00 දක්වා
එම කාල සීමා තුළ ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය කරන වාහන එක් මං තීරුවක ගමන් කරවීමටත් කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන (බර වාහන හැර) විකල්ප මාර්ගයක් ලෙස මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් හරවා මීටියාගොඩ, කිරලගහවෙල හන්දියෙන් වමට හරවා අලුත්වල, සරණ හන්දිය, ගෝනාපීනුවල හතර මං හන්දිය හරහා කුමාර කන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට ගමන් කර ගාල්ල දෙසට ගමන් කරවීමටත් කටයුතු යොදා ඇතැයි පොලීසිය දැනුම් දෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…