නීතීඥ සංගමයේ සභාපතිට දැඩි විරෝධයක් – ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසට සාමාජිකත්වයෙන් ඒකමතික ඉල්ලීමක් !

JAICA අරමුදල් පරිහරණයේ දී විනිවිද භාවයකින් තොරව කටයුතු නොකල බවට එම සිදුවීම සම්බන්ධව පරීක්ෂණය කල පංච පුද්ගල කමිටුව විසින් අනාවරණය කරගත් කරුණු හේතුවෙන් කෞෂාල් නවරත්නට නීතීඥ සංගමයේ සභාපති ධූරයෙන් ඉවත් වන ලෙස ඉල්ලා නීතීඥ සංගමයේ සාමාජිකත්වය ඒකමතිකව ඉල්ලීමක් කර තිබෙනවා.

පංච පුද්ගල කමිටුව විසින් ලබා දී ඇති වාර්තාවට අනූව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ JAICA ආයතනය අතර ඇති කරගත් කොන්ත්‍රාත්තුවට අදාළව කෞෂාල් නවරත්න නීතීඥ සංගමයේ සභාපති ලෙස විනිවිද බවකින් තොරව කටයුතු සිදු නොකිරීම සහ ඔහු තුල තබා තිබූ විශ්වාසය කඩ වී ඇති බව සඳහන්.

සංගමයේ උප සභාපති ලෙස කටයුතු කල ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස ද එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇති අතර ඒ වෙනුවට ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ තේරී පත් වී ඇති බව සඳහන් වනවා.

ඒ අනූව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස එහි බලතල හා කාර්යයන් ක්‍රියාත්මක නොකරන ලෙස ඒකමතික ඉල්ලීමක් සාමාජිකත්වය විසින් සිදු කර තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago