දේශපාලන

රට යන අත ගැන තලතාගෙන් නිවේදනයක් !

මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරු ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති තමා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොව රටෙහි අනාගත අවදානම පිළිබඳව මේ රටත් ජනතාවත් දැනුවත් කිරීම බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිකල අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ළඟා ගතයුතු නැති බව එහි සඳහන්.

එදා මුළු රටම නොමග ගිය ආකාරයටම ගෝඨාභය දෙවන කොටස යළි සකස්වෙමින් පවතින ආකාරය තමන්ට අවබෝධ වූ සැණින් තමා එය හෙළිදරව් කිරීමට කටයුතු කළ බව ඇය සඳහන් කලා. තමන්ට සජිත් ප්‍රේමදාස මහතා සමග පෞද්ගලික ගැටළුවක් නැති නමුත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී තමන්ට අවබෝධ වූ සත්‍යය ඉතා භයානක බව ද අතුකෝරළ මහත්මිය සිය නිවේදනය මගින් අවධාරණය කලා.

ඒ බව වහා තමන් ජනතාවට කිවයුතු බවත් කෙසේ හෝ යළිත් කවුරුන් විසින් හෝ එවැනි භයානක තත්වයකට මේ රට ඇද දැමීමෙන් වැළැක්වීම තමාගේ වගකීම බවත් ඊයේ දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කලා.

තුෂරි සිංහාරමුදලිගේ

View Comments

  • කමක් නෑ ඔයා රනිල් ලගට යන්න..
    අද සජිත් ගැන කතා කරන ඔයා ,මීට වසර 20කට එහා සිට,රනිල්ව ඉවත්කර සජිත්ව එජාප නායකත්වයට ගේන්න අරගල කලා මතක නැද්ද?
    ඒ කාලේ දේශපාලන ඉවසීම සජිත්ට කියල දෙන්න තිබුනනේ?
    ඔයා නියම ගේමක් දෙන්නෙ.රනිල් ලගට නොයා ස්වාධීනව රට වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් රනිල්ට කඩ්ෆ යනවා

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago