දේශපාලන

4 වනදා තැපැල් ඡන්ද විමසීමට සියල්ල සූදානම් – සුදුසුකම් ලැබූවන් ලක්ෂ 7 ඉක්මවයි !

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන බදාදා (04) ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා ඡන්දදායකයන් හත්ලක්‍ෂ දොළොස් දහස් තුන්සිය දහනව දෙනකු (7123319) සුදුසුකම් ලබා තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල නිලධාරීන් 4 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියමිතයි. එමෙන්ම පොලිස් ස්ථාන, ත්‍රිවිධ හමුදා කඳවුරු, විශේෂ කාර්ය බළකාය හා සෙසු රාජ්‍ය ආයතන සේවකයන් 5 හා 6 දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කරනු ඇත.

මේ අතර ඉහත දින තුනේදීම ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයන්ට 11 හා 12 දිනවලදී තමන් සේවය කරන රාජ්‍ය ආයතනයට අයත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇත.

ඡන්ද මධ්‍යස්ථාන පනහකට අධික ප්‍රමාණයකදී මෙම තැපැල් ඡන්ද විමසීම සිදුකෙරේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago