ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පසුගිය 30 වනදා පැවැති පුළුවන් ශ්‍රී ලංකා ජාතික තරුණ සමුළුවේදී මැතිවරණ නීති උල්ලංඝණය වීමක් සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිසම පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මහරගම පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව මෙහිදී මැතිවරණ නීති උල්ලංඝණය වීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.
අදාළ සමුළුවට දිවයින පුරා යෞවන සමාජවල තරුණ තරුණියන් සහ නිලධාරින් සහභාගි වූ අතර ඔවුන්ට සූදානම් කර තිබූ දිවා ආහාරය ලබා දීම තහනම් කිරීමට මැතිවරණ නිලධාරීන් මැදිහත් වී පියවර ගත්තා.
කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා එහිදී මැතිවරණ නීති උල්ලංගණය වන අන්දමින් අදහස් පළ කර ඇති බවයි. එහිදී රාජ්‍ය දේපළ භාවිතා කරමින් තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩාමයද සමුළුවට යොදා ගෙන මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.
ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහරගම පොලිසියට පැමිණිලි කිරීමටද මැතිවරණ කොමිසම පියවර ගත්තා. මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1,592 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
ඉතින් මොකක්ද ගත්ත ක්‍රියාමාර්ගය පොලිසිය පොලිසිය දැන් අයිති මැතිවරණ කොමිසමට