ෂෙයික් හසීනාට එරෙහි නඩු සියයකට අධිකයි !

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව ගොනුකර ඇති නඩු ගණන 100 පසුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හසීනා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී දින කීපයකට පසුව ඇයට එරෙහිව පළමු නඩුව පසුගිය 13 වැනිදා ඩකා අධිකරණයේදී ගොනු කර ඇති බවත් 100 වැනි නඩුව බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ හමුවේ පසුගියදා 29 වැනිදා ගොනුකර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.

හසීනාට එරෙහිව ගොනුකර ඇති බොහෝ නඩු බරපතළ චෝදනා යටතේ ගොනුකර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඉන් නඩු 63 මිනීමැරුම් චෝදනා යටතේද, නඩු 7 ක් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා යටතේද, නඩු 3 ක් පැහැරගැනීමේ චෝදනා යටතේද, තවත් නඩු 2 ක් වෙනත් බරපතළ චෝදනා යටතේද ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.

රජයේ රැකියා කෝටාවට එරෙහිව පැවැති විරෝධතා හේතුවෙන් හසීනාගේ රජය පසුගිය 5 වැනිදා ඉල්ලා අස්වූ අතර එතැන් සිට මේ දක්වා කාලය තුළදී හසීනා නීතිමය පඹගාලක පැටලී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.පසුගිය ජූලි මාසයේදී ඇරැඹි විරෝධතා අවසන් වනවිට ඉන් මිය ගිය සංඛ්‍යාව 600 පසුකර තිබූ බවද විදෙස් මාධ්‍ය පැවැසුවා.

ඉල්ලා අස්වීමෙන් පසුව හසීනා ඉන්දියාවට පළා ගිය අතර එහි දේශපාලන රැකවරණ ලබා ගත්තාය. ඉන්දියාවේ රැකවරණ ලබා ගැනීමත් සමඟ ආචාර්ය මොහොම්මද් යූනුස් ප්‍රමුඛ අන්තර්වාර රජයේ හසීනාගේ රාජ තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කළ අතර ඇය ඉන්දියාවේ සිටීමේ නිත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago