හමාස් ප්‍රාණ ඇපයේ සිටි හය දෙනක් කුරිරු ලෙස ඝාතනය කරයි !

හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් හය දෙනකුගේ සිරුරු දකුණු ගාසා තීරයට අයත් රෆා නගරයේ උමගක තිබී සොයාගත් බවත් එම ප්‍රාණ ඇපකරුවන් හයදෙනා හමාස් සංවිධානය විසින් කුරිරු ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි හර්ෂ් ගෝල්ඩ්බර්ග් පෝලින්, 24 හැවිරිදි ඊඩ්න් යෙරුෂල්මි, 25 හැවිරිදි ඔරී ඩැනිනෝ, 32 හැවිරිදි ඇලෙක්ස් ලුබ්නොව්, 40 හැවිරිදි කාමෙල් ගට් සහ 27 හැවිරිදි ඇල්මොග් සරුසි යන ඊශ්‍රායල ජාතිකයන් පිරිසක්ය.

ගෝල්ඩ්බර්ග් පොලින්, යෙරුෂල්මි, ලුබ්නොව්, සරුසි සහ ඩැනිනෝ ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ පැවැත්වමින් තිබූ නෝවා සංගීත ප්‍රසංගයේදී පැහැර ගැනිණි.

ප්‍රාණ ඇපකරුවන් හයදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් රියර් අද්මිරාල් ඩැනියෙල් හැගාරී ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල හමුදා ප්‍රාණ ඇපකරුවන් වෙත ළඟා වීමට දවසකට හෝ දෙකකට පෙර හමාස් සංවිධානය විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් සහාසික ලෙස ඝාතනය කරනු ලැබ ඇති බවයි. ෆර්හාන් අල්-කාඩි බේරා ගත් උමගට කිලෝ මීටරයක් පමණ දුරින් ඇති උමගකින් ඔවුන්ගේ සිරුරු සොයාගත් බවද ඔහු පැවැසුවා.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද ප්‍රාණ ඇපකරුවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ අතර ඔහු පවසා සිටියේ හර්ෂ් ගෝල්ඩ්බර්ග් ඊශ්‍රායල ඇමෙරිකානු ජාතිකයකු බවත් ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹ ඇති බවත්ය.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් 250 ක ඊශ්‍රායල ජාතිකයන්ගෙන් 100 දෙනකු පමණ තවමත් හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇතැයිද පැවැසෙයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago