බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු පැමිණෙමින් තිබු ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටී අනතුරට ලක්වී එකම පවුලේ තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. එම අනතුර සිදුව ඇත්තේ බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේදීයි.
ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී ගොස් ඉදිරිපස රෝදය ගැලවීමත් සමගම රියදුරුට ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීගොස් ඇති අතර පසුව ත්‍රී රෝදරථය ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත වී ඇත්තේ සැමියා, බිරිය සහ ලේලිය යි. අවුරුදු 43, 67 හා 73 සහ වයස්වල පසුවන අතර ඔවුන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් ත්‍රීරෝද රථයේ සිටි කාන්තාවකගේ අතක් සහ පාදයක් බිඳි ගොස් ඇති අතර සෙසු දෙදෙනාටද අනතුරින් තුවාල සිදුව තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…