“නිහතමානි 01” නමැති මෙම බහුදින යාත්‍රාව ඉකුත් 25වනදින ධිවරයින් හත් දෙනෙකු සමග ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් තිබෙනවා.
මෙම බහුදින යාත්‍රාවක් දකුණු මුහුදේ නාවික සැතපුම් 265ක පමණ දුරදි නැවක හැපි පෙරළී යාමෙන් අද (03) අලුයම සිදුවූ අනතුරකින් ධිවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසනවා.
යාත්‍රාව පෙරළී ධිවරයින් සියලු දෙනා මුහුදට වැටි ඇති අතර වෙනත් යාත්‍රාවක් මගින් හතර දෙදෙනකු බේරාගෙන ඇති බවත් තිදෙදෙනකු අතුරුදහන්ව ඇති බවත් පොලිසිය පවසයි.
මේ වන විට නාවික හමුදාවේ නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටින බව නාවික හමුදාව කියයි.
අතුරුදහන් වූ ධිවරයින් සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර ඇති අතර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මෙශාන් ද සිල්වා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21)…
අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර…
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්…
මහා මාර්ගවල සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකළ බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු…
බීමත්ව රිය පදවන රියදුරන්ට එරෙහිව අද(21) දින සිට බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ පහක දඩයක්…
අධි සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම්කර ඇති සිංහරාජ වනාන්තරය හරහා දිවෙන අඩි අටක මාර්ගය අඩි 15…