ශ්‍රී ලංකා

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තීරණයක් ?

රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කර තිබේ.

අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසා සිටියේ, එම සංවර්ධන නිලධාරීන් පිරිස අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දුන් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සියලුම සංවර්ධන නිලධාරීන් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මතය අපට එවලා තිබුණා. ඒකට අපි එකඟවුණේ නැහැ අමාත්‍ය මණ්ඩලය විදිහට. ඒ නිසා අපි ආපසු යැව්වා සතියක් තුළ මේ ඊයේ ගත්තු තීන්දුව… සතියක් තුළ අපට දැනුම්දෙන්න මේක ප්‍රායෝගික විසඳන ක්‍රමය ගැන කියලා.

ඒ වගේම ජනාධිපතිවරයා එකඟවුණා එතුමා විසින් මේ 16,000 ප්‍රශ්නය අභ්‍යාසලාභීන් විදිහට අරගෙන ගුරු සේවයට අන්තර් ග්‍රහණය කිරීම පිළිගන්නවා කියලා. මොකද අවුරුදු 05ක් මේ පිරිස පාසල්වල පුහුණු වුණා. මේ අයව කාර්යාලවලට දාන්න බැහැ. අපිට තියෙන්නේ මේ පිරිස මෙතෙනට අරගෙන PGD එකදීලා පුහුණු කරලා පාසල් තුළ තියාගන්න. මේ ටික සම්පූර්ණ වෙනකොට ගුරු වර්ග අනුව පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා මිසක් සීමිත 4,000ක 5,000ක විතර වෙන පුරප්පාඩු 25,000ක් නැහැ.”

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago