ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදවච්චිය ආසනයේ කිරිගල්ලෑව කොට්ඨාසයේ ස්ථාපිත කර තිබූ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයකට යම්කිසි පිරිසක් විසින් පෙරේදා (01) අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ක්‍රියාව ජනතා විමුක්ති පෙරමුණේ මැර කණ්ඩායම් විසින් සිදු කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ පරණ කණ්ඩායම් ඔවුන්ගේ පරාජය දරා ගැනීමට නොහැකිව නැවත සක්‍රීය වෙමින් ජනතාව බියට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම ස්ථානයට පැමිණ තම පාක්ෂිකයන් හමු වූ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ බණ්ඩාර ප්‍රකාශ කළා.
ජනතා විමුක්ති පෙරමුණේ පිරිස තමාගේ මතවාදයන්ට අහිංසක ජනතාව අවනත නොවන්නේ නම් මෙවැනි ක්‍රියා සිදු කරන බවත් එවැනි මර්දනය හරහා භීෂණය ඉස්මතු කරමින් ඔවුන් තම නොහැකියාව පෙන්වමින් සිටින බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පොලිසිය විසින් සිදුවීම පිළිබඳ විමර්ශන සිදුකනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
අසූචී වලේ ඉන්න උන්ට කවුද බං අසූචී ගහන්නේ
උන්ගෙම ආතල් උන්ට හොදයි
ප්රවෘත්ති නැත්තං ඕවා දාපල්ලා