ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු 2024 පැරිස් “පැරාලිම්පික්” ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ (F64) ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
සමිත විසින් සිය ඉසව්ව ආරම්භ කරමින් මීටර් 63.14 ක දුරක් හෙල්ල විසි කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව 2024 පැරිස් පැරාලිම්පික් උලෙළේදී දිනූ පළමු පදක්කම ද මෙයයි.
ඉසව්වේ සිව්වැනි උත්සාහය දක්වා සමිත තරගකරුවන් අතරේ තෙවැනි ස්ථානයේ රැඳෙමින් මීටර් 63 සීමාවේ රැඳී සිටි අතර, ඔහු එම සීමාව තරණය කිරීමට සිය පස් වැනි උත්සාහයේ දී සමත් වුණා.
F64 කාණ්ඩයේ මීට පෙර පැවති ලෝක වාර්තාව වූ මීටර් 66.49ක දුර ද සමිත විසින් මෙම වසරේ දී ම වාර්තා කළ එකක් වූ අතර, ඔහු සිය පස් වැනි උත්සාහයේ දී මීටර් 67.03ක දුරක් හෙල්ල විසි කරමින් එම ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…