තම පියාගේ වෙළඳසැලේ සිට නිවසට තනිව ගිය බව කියන කුඩා දරුවෙකු නිවස ඉදිරිපිට ජලය පිරී තිබුණු කාණුවක ගිලී මඩේ එරීමෙන් මියගොස් ඇති බව බටපොල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අලුත්වල ,මහගංගොඩ පදිංචිව සිටි ගාල්ල ගුරුගේ සුමියුරු පවන් කේසර නැමති අවුරුදු හතරයි මාස හතක් වයසැති පිරිමි දරුවෙක් බව පොලීසිය පැවසීය .
සිය පියාගේ වෙළඳසලේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි නිවසට තනිවම ගොස් ඇති දරුවා නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් එක්ව දරුවා ගැන සොයා ඇත.
එවිට වගා කටයුතුවලදී කපා තිබූ කාණුවක් අසල තිබූ දරුවාගේ පාවහන් දුටු පියා කානුවට බැස එහි ගිලී සිට ඇති දරුවා ගොඩට ගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කරන ලද නමුත් ඒ වනවිටත් දරුවා මියගොස් සිට ඇතිබව පොලීසිය කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…