ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුමෙන් ඉවත්වීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බව එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවේ පදනම වෙනස් කරන බවට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බවට ඇතැම් පාර්ශවයන් සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අනුර කුමාර දිසානායක සඳහන් කළේ.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ කරුණු තුනක් බවත් පළමු කරුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සමාජයේ පීඩාවට පත්වන කණ්ඩායම සඳහා මීට වඩා ශක්තිමත් සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍ය බව යැයි ඔහු සඳහන් කළා.
දෙවනි කරුණ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චංචා සහ දූෂණ සම්බන්ධයෙන් නීති පැනවීමට වැඩි අවධානයක් යොමු කරන බවත් ජාතික ජන බලවේගය යෝජනා කරන්නේ එතනින් ඔබ්බට ගිය ප්‍රයෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද ඔහු සඳහන් කළා.
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ තුන්වෙනි කරුණ ලෙස මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අධ්‍යනය කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවයේ ඉදිරි අදියරවලදී සිය රජයේ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැකි බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…