දේශපාලන

ඡන්දෙ දාන්න නිවාඩු දෙන හැටි ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් !

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම් වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවම කාලය පැය 4ක් ලෙස දැක්වෙනවා.

නමුත් පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ලිඛිත නියමයකින් පැනවූ එවැනි විශේෂ නිවාඩු නොමැති හෙයින් සේවා යෝජකයන් සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු නොදෙන බවට පැමිණිලි ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට සහ ඒමට නිවාඩු ලබා දීම සඳහා දුර හා කාලය අතර සම්බන්ධතාවක් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කර තිබෙනවා.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු – දින භාගයක නිවාඩුවක්

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ත් කිලෝමීටර් 100ත් අතර – දින 1යි

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 100ත් කිලෝමීටර් 150ත් අතර – දින 1 1/2

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 150ට වැඩි – දින 2යි

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළ යුතු අතර, සෑම සේවා යෝජකයෙකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම් කළ තැනැත්තන් හා නිවාඩු ප්‍රදානය කරන කාල සීමාව දැක්වෙන ලේඛනයක් පිළියෙළ කර සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago