නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ(4) ප්‍රකාශයට පත් කළා.
ඊට අනුව එංගලන්තයට එරෙහිව නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ද ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.
එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ද පිත්තෙන් ඉහළ දක්ෂතා දක්වමින් සිටින කමිදු මෙන්ඩිස් පිතිකරුවන් අතර 25 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 11 කින්.
දිමුත් කරුණාරත්න 13 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, ධනංජය ද සිල්වා 16 වැනි ස්ථානයේ රැදී සිටිනවා. දිනේෂ් චන්දිමාල් තවදුරටත් 23 වැනි ස්ථානයේ පසුවනවා.
කෙසේ වෙතත්, ඇන්ජෙලෝ මැතිව්ස් ස්ථාන 3 කින් පසුබැස ඇති අතර, ඔහුට හිමිව ඇත්තේ 27 වැනි ස්ථානයයි.
දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලු 8ක් දවා ගත් අසිත ප්‍රනාන්දු පළමු වරට පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු 10 දෙනා අතරට පිවිස තිබෙනවා. ඔහු 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 9කින්.
ප්‍රභාත් ජයසූරිය 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් පහතට ඇද වැටී තිබෙනවා. ලහිරු කුමාර 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…