ජෝර්ජියාවේ උසස් පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඉන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වෙඩි තැබීම සිදු කළ 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ජෝර්ජියාවේ බරෝ ප්‍රාන්තයේ වින්ඩර් හි ඇපලාචි උසස් පාසලේ (Apalachee High School) ඉගෙනුම ලැබූ මෙම සිසුවා සිදු කළ ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ එහිම ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකුයි.
කෝල්ට් ග්‍රේ (Colt Gray) නම් මෙම සිසුවාව නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව වැඩිහිටියෙකු ලෙස සලකා මිනීමැරුම් චෝදනා එල්ල වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සිදුකළ සිසුවා සමග අමෙරිකානු FBI ආයතනය පසුගිය වසරේ ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ එම සිසුවා පාසැලේ වෙඩි තැබීමක් සිදුකිරීමට ඇත්තේ අන්තර්ජාල තර්ජන පිළිබඳ නිර්නාමික ඉඟි ලැබීමෙන් පසුවයි.
නමුත් ඒ අවස්ථාවේ FBI නියෝජිතයන් ඔහුව අත්අඩංගුවට ගෙන නැහැ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…