ශ්‍රී ලංකා

මැතිවරණ නීති උල්ලංඝණය කල 22ක් අත්අඩංගුවට – පැමිණිලි ගණන තවත් ඉහළට !

ජනාධිපතිවරණයට අදාළව නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ජුලි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ලැබුණු පැමිණිලිවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පොලීසියට පැමිණිලි 163 ක් ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කරනවා.

පසුගිය ජූලි 31 වැනිදා සිට සැප්තැම්බර් 03 වනදා දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2095 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2023 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11 ක් හා වෙනත් පැමිණිලි 60 ක් ද ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පැමිණිලි අතරින් පැමිණිලි විසඳීම් 1400 ක් සිදුකර ඇති අතර මේ වන විට ක්‍රියා කරමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 695 ක් බවයි වැඩිදුරටත් එම වාර්තාවේ දැක්වෙන්නේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago