ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු නව සන්ධානය එළිදැක්වීම අද (05) සිදුකෙරුණා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් වුණා.
කුසලානය ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වුණා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ සන්ධානයේ සභාපතිත්වය දරනු ලබන අතර නව සන්ධානයේ ලේකම්වරයා අමාත්‍ය රමේෂ් පතිරණයි.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය, තමිල් මක්කල් විදුතලයි පුලික්කාල් පක්ෂය, ජාතික ක්‍රොංගසය, එක්සත් ජනතා පක්ෂය, ජාතික සමගි පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා බලවේගය නියෝජනය කරන සාමාජිකයන් එක්ව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…