නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රිඩක රංගන හේරත් පත් කර තිබෙනවා.
ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය හා එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා මෙම පත් කිරීම සිදු කිරීමටයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යවන පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ පාකිස්තානයේ සක්ලයින් මුෂ්ටක් වෙනුවට මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. ඒ, මුෂ්ටක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග දේශීය තරග වෙනුවෙන් උපදේශක තනතුරක් ලබා ගැනීමත් සමගයි.
රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93 කදී කඩුලු 433 ක් දවා ගැනීමට සමත් වූ අතර, මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ ද දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෑතක් වන තුරුම කටයුතු කළා.
මේ අතර, ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු Vikram Rathour නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද පත් කර ඇතත්, ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට පෙර ඇෆ්ඝනිස්තානය සමග ඉන්දියාවේ Greater Noida හී දී සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සදහා පමණක් ඔහු එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…