ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන බව පවසමින් සිටි පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 25 දෙනෙක් යළි පොදු ජන පෙරමුණට එක් වී නාමල් රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙම පිරිස තව ස්වල්ප වෙලාවකින් කොළඹ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
තමන්ට සහයෝගය දෙන අය ඍජුව ඒ බව දන්වා රැඳී සිටින ලෙසත් එසේ නොමැති අය වැනි වැනී නොසිට ඉවත්වන ලෙසත් ජනාධිපතිවරයා විසින් කළ දැනුම් දීමකට අනුව මේ 25 දෙනාගෙන් යුතු කණඩායම ජනාධිපතිවරයාට සහාය දැක්වීමෙන් ඉවත් වී ඇත.
මේ සම්බන්ධව තීන්දු ගැනීමේදී ඊයේ රාජ්‍ය ඇමතිවරුන් හතර දෙනෙක් ඔවුන් දැරූ ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ අතර තවත් කීප දෙනෙක් අමාත්‍ය ධූර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ද ඒ සම්බන්ධව ඉදිරි පැය කීපය තුළ දැනුම් දෙනු ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මොහාන් ප්‍රියදර්ශන, ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ සහ සිරිපාල ගම්ලත් ජනාධිපතිවරයා විසින් ඊයේ රාජ්‍ය අමාත්‍ය ධූරවලින් වහාම ක්‍රියාත්මකවන පරිදි පහ කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…