ශ්‍රී ලංකා

රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් බලහත්කාරයෙන් රැඳී සිටි හෙන්ෆොල්ඩ් වතුයායේ නිවසින් එළියට ඇද දමයි !

අරවින්ද කුමාර් 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කළ අවදියේ වතුයායේ පාලන අධිකාරිය විසින් අරවින්ද කුමාර්ට නිල නිවස වශයෙන් භාවිතා කිරිමට මෙම නිවස ලබා දි තිබු අතර, ඔහු මහතා එම වතුයායෙන් ඉවත් වීමෙන් පසු ඔහුට ලබා දී තිබු නිල නිවස ආපසු වතු යායට භාර නොදී එම නිවස අලුත්වැඩියා කර එහි රැඳී සිටීම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නුවරඑලිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

නුවරඑලිය දිසා අධිකාරියේ දිර්ඝ කාලයක් විභාග වෙමින් පැවති නඩුවේ තීන්දුවෙන් අරවින්ද කුමාර්ට එම නිල නිවසෙන් ඉවත් වන ලෙසට ලබාදුන් නියෝගයට අරවින්ද කුමාර් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද ඔහුට එම නිවසෙන් ඉවත් වන ලෙසට නියෝග කළා.

අනතුරුව අරවින්ද කුමාර් අභියාචානාධිකරණයටද අභියාචනාවක් ඉදිරිපත් කර තිබු අතර, අභියාචනාධිකරණයෙන්ද එම තීන්දුවම ලබා දි තිබුණා.

නුවරඑලිය දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය මත එම අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු පිසිකල් නිලධාරින් ලිදුල පොලිසියේ නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවස වෙත පැමිණ නිවසේ තිබු අරවින්ද කුමාර්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ලැයිස්තුගත කර එහි පිටපතක් අධිකරණය භාරයේ තබා ගනිමින් එම නිවස සහ බඩු බාහිරාදිය එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දි ඇත.

අරවින්ද කුමාර් දේශපාලනයට පිවිසිමත් සමග දේශපාලනය බලය භාවිතා කරමින් එම නිල නිවසේ මෙතෙක් කාලයක් රැඳී සිටි බව හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය පවසනවා.

අධිකරණය මගින් වතු පාලන අධිකාරිය වෙත භාරදුන් නිල නිවස එම වතුයායේ සේවය කරන වෙනත් නිලධාරියෙකුට නිල නිවස වශයෙන් භාවිතා කිරිමට ලබාදෙන බව වතුයායේ නිලධාරියෙකු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් අප කරුණු විමසීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනිමට අවස්තා කිහිපයකදි උත්සහ කළත් එය ව්‍යර්ථ විය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago