මනම්පිටිය නැගෙනහිර මහවැව ගම්මානයේ පුද්ගලයෙකු අඩි සියයක් පමණ උසැති ජල ටැංකියකට නැගි මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඔහු මෙලෙස උපවාස කරනු ලබන්නේ, වැලිකන්ද මහවැව ප්‍රදේශයේ කළුදියවැව ආසන්නයේ පස් සෝදා ක්‍රියාත්මක කරන වැලි ලබාගැනීමේ ව්‍යාපෘතියෙන් මඩ සියල්ල එම වැවට මිශ්‍රවී පවුල් පන්සියයකට පමණ මඩවතුර බීමට සිදුවීමට එරෙහිව විරෝධය පළ කරමින්.
මෙම උපවාසයේ නිරතව සිටින්නේ වැලිකන්ද මහවැව ගම්මානයේ අංක 188/01 ලිපිනයේ පදිංචිව සිටින
වන එච්.ජී.ඒ. සම්පත් කුමාර නම් 38 වියති තිදරු පියෙකි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින එම කළුදියවැව ආශ්‍රිතව මීට මාස දෙකකට පමණ ඉහතදී යම් කණ්ඩායමක් විසින් මඩ සෝදා ඉන් වැලි ලබා ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඉන් විශාල පරිසර හානියක් සිදුවන බවත්, පස් සෝදා අපිරිසිදුවන ජලය සම්පූර්ණ වැවට මිශ්‍රවීම හේතුවෙන් එම වැවේ වතුර පානය කරන පවුල් 500 ක පමණ පුද්ගලයින් 1500 කට ආසන්න පිරිසක් දැඩි සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බවත්, ඒ පිළිබඳව ලිඛිත හා වාචිකව සියලු බලධාරීන් දැනුවත් කළද ඊට කිසිදු විසඳුමක් නොමැති නිසා තම ගම්මානයේ ජීවත්වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර බවත් සම්පත් කුමාර අප සමග සඳහන් කළේය. ඔහු කියන්නේ මේ වනවිට වැව මුළුමනින්ම දූෂණය වී ඇති බවය.
සම්පත් කුමාර අඩි සීයක් උසැති ජල ටැංකියට ගොඩවී උපවාස කිරීමත් ආරම්භ කිරීමත් සමඟ ගම්මානයේ ගොවි සංවිධාන නියෝජිතයින්, මෙන්ම ගම්වාසින් විශාල පිරිසක් ඔහුගේ සහයට ජල ටැංකිය අසලට පැමිණ ඇත.
නෑමට, ජලය නැති කරන සහ වැවේ ජලය අපිරිසිදු කරන එම ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙසද ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය නතර නොකෙරෙන්නේ නම් ගම්මානයේ සියලු දෙනාම එක්ව ඊට විරුද්ධව සටන් කරන බව ද ගම්වාසීහු සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…