පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල නගරයේ ඊයේ රාත්‍රී 8ට පමණ වෙළඳසැක් දෙකක හදිස්සි ගිනිගැනීමක් සිදු වී තිබෙනවා.
වෙළඳසැල් දෙකම විදුලි භාණ්ඩ අලෙවි කරන තෙමහල් වෙළඳසැල් දෙකක් වන අතර ගින්නෙන් එම වෙළෙඳසැල් දෙකම විනාශයට පත් වී විනාශ වී තිබුණා. ගින්න වෙළඳසැලක දෙවැනි මහලේ හටගෙන ඇති අතර ක්‍රමක් ක්‍රමයෙන් ගින්න යාබද අනෙක් වෙළඳසැලටද පැතිර ගිහින් තිබුණා
ගොඩනැගිල්ලේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගැනීම හට ගන්නට ඇතැයි පොළොන්නරුව පොලිසිය සැක පළකරනවා.
පැය තුනකට ආසන්න කාලයක් පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ නගරවාසීන් පොළොන්නරු පොලිසිය එක්ව ගින්න මැඩපැවැත්වීමටත් කටයුතු කර තිබෙනවා.
මේ හේතුවෙන් පොළොන්නරුව කදුරුවෙල මඩකලපුව ප්‍රධාන මාර්ගය කඳුරුවෙල නගර මධ්‍යයෙන් අවහිර වූවා. මෙම ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳව තක්සේරු කර නොමැති අතර තුවාල ලැබූවන් පිළිබඳව මෙතෙක්ස් සඳහන් වී නැහැ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…