ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව තිබෙනවා.
මඩකලපුව, සන්දිවේල් ප්‍රදේශයේ දී අද (08) පෙරවරුවේ පැවති ජන රැළියට පැමිණ සිටි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ පුද්ගලයා සන්දිවේල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
ජන රැළිය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීමට සුළු වේලාවකට පෙර සිදුකළ සෝදිසියක දී සැකකරුගේ පසුම්බිය තුළ තිබී ජීව උණ්ඩය සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මීට අවුරුදු තුනකට පෙර මාර්ගයක තිබී සොයාගත් ජීව උණ්ඩය තමා පසුම්බියේ තබාගෙන සිටි බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සන්දිවේල් පොලීසිය මගින් සිදුකරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…