ශ්‍රී ලංකා

ජයවර්ධනපුර රෝහලේ වකුගඩු මාෆියාවට සම්බන්ධ දොස්තරට වැඩ වරදින ලකුණු !

වකුගඩු බද්ධයක් සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ බී.ජී.එන් කුමුදුනීගේ වකුගඩු දෙකම ගලවා ඉවත් කර වකුගඩුවක් බද්ධ නොකිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන ලෙස සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල රෝහල් පරිපාලනය දැනුම් දී තිබෙනවා.

රෝහල මගින් සිදුකරන ප්‍රාථමික පරික්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් මගින් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට කටයුතු කර වරදකරුවන්ට සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බව එම මහතා පවසනවා.සත්‍ය වශයෙන්ම මෙවැනි සිදුවිම් කිසිදු රෝහලක් තුළ සිදු නොවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදුවිය යුතු බවත් ලේකම්වරයා සඳහන් කරයි.

මෙවැනි සිදුවීම් රෝහල් පරිපාලනය බැලිය යුතු බවත් එම රෝහල පාලනය කිරීම සඳහා වෙනමම අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටින බවත් පෙන්වා දෙන ලේකම්වරයා මෙවැනි වැරදි සිදු නොවිය යුතු බවත් අවධාරණය කර සිටියි.මෙම කාන්තාවට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය වහාම විසඳුමක් ලබා දිය යුතු බවද තමා රෝහල් පරිපාලනයට අවධාරණයෙන් පවසා ඇති බවද වෛද්‍ය මහීපාල පැවසුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ අදාල සිදුවීම් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය සංගමයට ලිඛිත පැමිණිල්ලක් කරන්නේ නම් එදා සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ හැකි බවයි.

මෙම විශේෂඥ වෛද්‍යවරයා සංගමයේ සාමාජිකයෙකු බවත් පරික්ෂණය ආරම්භ කිරීමෙන් පසු ඔහු වරදකරුවෙක් බව හෙලි වුවහොත් සාමාජිකත්වය අහෝසි කිරීමට වුවද කටයුතු කළ හැකි බව හෙතෙම පැවසුවා.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදුකරන පරික්ෂණයන් වලදී වෛද්‍යවරයා වරදකරුවෙකු වී ඔහුගේ සේවය අත්හිටුවීමක් සිදුකළහොත් සංගමයේද සාමාජිකත්වය ඉබේම අහෝසි වන බවද වෛද්‍ය සුගතදාස පැවසුවා.

මේ සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ අදාල විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වන විටත් අභ්‍යන්තර විනය පරික්ෂණයක් ආරම්බ කර ඇති බවය.

කෙසේ නමුත් විශේෂඥ වෛද්‍යවරයා රෝගී සත්කාර සේවාවන් නතර කර ඇති බැවින් මේ වන විට වකුගඩු රෝගින් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්වා ඇති බව ද හෙතෙම පැවසුවා.

මේ වන විට එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනය සිදුකරණ නිලධාරියාට විරුද්ධව ඔහු පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති බවත් විගණන නිලධාරියාට පරික්ෂණය පවත්වනවාට වඩා පොලිසියට කටඋත්තර ලබා දීමට යාමට සිදුවඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago