මහනුවර දළදා මාලිගාව තුල මංගල ඡායාරූප රූගත කල මෙරට ප්‍රසිද්ධ යුවලක් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට මහනුවර පොලිසිය කටයුතු කර තිබෙනවා.
මින් පෙර දළදා මාලිගාව පරිශ්‍රයේ සාමාන්‍ය ඡායාරූපකරණයකට පවා සීමා පනවා ඇති වටපිටාවක වාණිජ අන්දමින් සිදු කරන ලද මෙම රූගත කිරීම සම්බන්ධයෙන් කිසිඳු කරුණක් නොදන්නා බව දළදා මාලිගා භාරකාරීත්වය විසින් සඳහන් කර තිබෙනවා.
මීට අදාළ යුවළ අද (09) මහනුවර පොලිසියට කැඳවා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවට මහනුවර පොලිසිය සඳහන් කලා.
නුවර වැඩ සිටින කෝටිපති භික්ෂුවකගේ සහයෝගය සහිතව මෙම මංගල ඡායාරූප ගැනීමේ ව්‍යාපාර කටයුතු සිදු වී ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…