ක්‍රිකට්

Good Bye මොයින් අලී !

එංගලන්තයේ තුන්ඉරියව් ක්‍රීඩක මොයින් අලී සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

නව අනාගත පරපුරට අවස්ථාව ලබාදීම මෙය වඩාත් සුදුසු යැයි තමන් සිතන බව Daily Mail සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට තමන් ඇතුළත් නොකිරීමෙන් එය වඩාත් තහවුරු වූ බව ද ඔහු කියා සිටියා.

37 හැවිරිදි වියෙහි පසු වන තමන් සිය කොටස හොඳින් කර ඇති බවට විශ්වාස කරන බවයි මොයින් අලී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

2014 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත් ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 68ක්, එක්දින තරග 138ක් සහ විස්සයි විස්ස 92කට සහභාගී වී තිබෙනවා.

එහිදී සියලු තරගවලදී ලකුණු 6678ක් රැස්කරගත්තේ, ශතක අටක් සහ අර්ධ ශතක 28ක් ඇතුළත් කරමින්.

එමෙන්ම කඩුලු 366ක් දවාගෙන තිබීමත් විශේෂත්වයක් වනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

7 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago