ක්‍රිකට්

පැතුම් නිස්සංක ඇතුළු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ක්‍රිකට් වාර්තා අලුත් කරයි !

ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගය එංගලන්තය පරදා කඩුලු 8කින් ජය ගත් ශ්‍රී ලංකාව ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නට සමත් වුණා. මෙම තරගය සුවිශේෂී වන්නේ ආසියානු කණ්ඩායමක් එංගල්තයේ දී ජයග්‍රහණය හිමිකර ගත්, හඹාගිය වැඩිම ලකුණු (219-2) සංඛ්‍යාව මෙය වේ. මීට පෙර එම වාර්තාව ඔ්ස්ට්‍රේලියාවට එරෙහිව පාකිස්ථානය (180-7) ලීඩ්ස් පිටියේ දී 2010 වසරේ වාර්තා කර තිබිණි.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙම තරගයේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් පළමු ඉනිමේ ලකුණු 64ක් හා දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 127ක් ලබමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු එංගලන්තයේ දී ශතකයක් ලබා ගැනීම මෙලෙස වාර්තා වූයේ වසර 13කට පසුව වීමද විශේෂත්වයකි. එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ ශතකයක් ලැබු අතලොස්ස අතරට එක්වූ පැතුම් නිශ්ශංක ඉතා සංයමයෙන් තමන් ශතකය කරා ගිය බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව එංගලන්තයේ දී ලැබු සිවුවැනි ජය මෙය වන අතර මීට පෙර අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගෙන තිබුණේ 2014 වර්ෂයේ දී ය.

කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියේ ජය 2-1 ලෙස එංගලන්තයට හිමිවිය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago