කිලිනොච්චිය තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකුට තර්ජනය කර පවුල් තිස් හතරකට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගත් පුද්ගලයෙකු ඊයේ (10) බව කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාසලින්ගම් මනෝ හරන් නැමති අවුරුදු 37ක අම්බාල් නගර්, ශාන්ත පුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසන්නේ.
කිලිනොච්චිය තැපැල් කාර්යාලය ලියුම් බෙදෙන්නෙකු ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ රාජකාරියේ නියැලී සිටියදී සැකකරුගේ මවට සහ නැගණියට ඡන්ද පත්‍රිකා ලැබී ඇතිමුත් තමාට නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු බව පවසා ලියුම් බෙදන්නා සමග ආරවුලක් ඇති කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුව සැකකරු ලියුම් බෙදන්නාට තර්ජනය කර ඔහු සතුව තිබූ පවුල් තිස් හතරකට අයත් ඡන්ද පත්‍රිකා තොගයක් පැහැර ගෙන පලා ගොස් තිබූ බව පොලිසිය පවසනවා.
කිලිනොච්චය පොලිසියේ නිලධාරීන්ට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී සැකකරුගේ නිවස පිටුපස සඟවා තිබූ ඡන්ද පත්‍රිකා තොගය සොයාගත් බව පොලිසිය පවසනවා.
කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් මේ පිළිබඳ විමර්ශන සිදු කරනු ලබනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…