ශ්‍රී ලංකා

මැතිවරණ ප්‍රචාරණයට දරුවන් යොදාගන්න අයට වැඩ වරදී !

දරුවන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබෙන අතර ඒ පිළිබඳව “සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරය අද (11) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

“සුරකිමු දරුවන්” ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රියන්ත හේරත් මහතා ඒ් පිළිබඳව මෙලෙස අදහස් දක්වයි.

“කැන්වසින්වලට ළමයි පාවිච්චි කරනවා. ඇඩ්වලට කුඩා දරුවෝ පාවිච්චි කරනවා. දරුවන්ව දේශපාලන කටයුතුවලට යොදා ගන්න බෑ. ජාතික ළමා රක්ෂණ අධිකාරියට පැමිණිලි කළා. කිසිම පියවරක් අරගෙන නෑ. ඒ් නිසා අපි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරා. මේ සම්බන්ධව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස.”

මේ අතර දරුවන් මැතිවරණ කටයුතු සඳහා එක්කර නොගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා,

“කරුණාකරලා, පරමාධිපත්‍ය බලය සහ ජනතාවගේ ඡන්දය වෙළෙඳ භාණ්ඩයක් කරගන්නේ නැතුව අනාගත පරම්පරාව, වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගේ වගකීමක් තියෙනවා. ඒ වගේම මේවා දිහා බලාගෙන ඉන්න ඡන්දදායකයින්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ ඡන්දය මොන ආකාරයෙන් ද පාවිච්චි කරන්නේ කියලා හිතන්න. ළමා ආරක්ෂණ අධිකාරියේ වගකීමක් මැදිහත් වෙලා ඒවා බලන එක. ඒක අමුතුවෙන් මැතිවරණ කොමිසමෙන් මතක් කළ යුතු දෙයක් නෙමෙයි.”

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago