ශ්‍රී ලංකා

ජනාධිපතිවරණයට දිවයින පුරා පාසල්වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි !

සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් සඳහා සැප්තැම්බර් 21වන දින නිවාඩු ලබාදෙන අතර 23 වනදින නැවත් පාසල් ආරම්භවන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වනදින පාසල් වේලාවෙන් පසුව ග්‍රාම නිලධාරීන් වෙත අවශ්‍යතාව අනුව භාරදිය යුතු බවත් දන්වා සිටිනවා

ජනාධිපතිවරණය හේතුවෙන් හෙට(13) දිනයේ සිට බදුල්ලේ පාසල්වලට නිවාඩු ලබාදෙන බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා පසුගියදා ප්‍රකාශ කළ ද එම පාසල් හෙට දිනයේ සිට සුපුරුදු පරිදි පැවැත් වෙනවා.

මේ මස 13 වනදා සිට බදුල්ලේ තෝරාගත් පාසල් කිහිපයකට නිවාඩු දෙන බව මීට පෙර දැනුම් දුන්නද පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් නිවාඩුව සම්බන්ධයෙන් ගනුලැබූ තීරණය අනුව කටයුතු කරන බවයි ගාමිණී මහින්දපාල ජෝපියස් කියා සිටියේ.

කෙසේවෙතත්, බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා තෝරාගත් බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල මෙම මස 18,19 සහ 20 යන දිනයන්හි, වසා දැමීමට තීරණය කර ඇති බවත් එම පාසල් 23 හෝ 24 වන දිනයන්හි යළි විවෘත කරන බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව, බදුල්ල මධ්‍ය මහා විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහලට ලබන 24 වන දිනත් බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සැප්තැම්බර් 23 වන දිනත් ආරම්භ කිරීමට නියමිත බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා යොදාගැනෙන පාසල් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය දක්වා තිබෙනවා. එම නිවේදනය පහතින්,

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago