ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරඟාවලියේ තුන් වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 5 වන දින කාම්බෝජය සමඟ කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරඟයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර 10 වන දින පවත්වා තිබුණා.
එහිදී මෙම දෙරට 2 – 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඬුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4 – 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමඟ මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා වී තිබේ.
ඔවුන් පිළිගැනීම සඳහා අති විශාල පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…