ශ්‍රී ලංකා

පෞද්ගලික අංශයේ සේවකයින්ට සුබ පණිවිඩයක් – අවම මූලික වැටුප ඉහළට !

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මූලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබෙනවා.

2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණ අතර එහිදී පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වුණා.

ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ගෙවීමේ දී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පුද්ගලික අංශයේ සේවා යෝජකයින් සිය සේවකයින් සඳහා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාතික අවම මාසික වේතනය වශකයෙන් රුපියල් 17,500ක් සමග 2005 අංක 36 හා 2016 අංක 4 දරණ අය වැය සහන දීමනා පනත් මඟින් ගෙවිය යුතු රුපියල් 3,500ක අය යැය දීමනා ඇතුළු රුපියල් 21,000ක අවම වේතනයක් ගෙවිය යුතු බවද අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝශික ගෙවීම් සදහා අදාළ අවම වැටුප අදාළ කරගත යුතු බවද අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

2016 අංක 03 දරන ජාතික අවම වේතනය පනත හඳුන්වා දීම මඟින් පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම සේවකයින් සඳහා 2016.01.01 දින සිට බලාත්මක වන ආකාරයට ජාතික අවම වේතනයක් නියම කිරීමට කටයුතු කර ඇත.

මෙම පනත මඟින් මාසික වැටුප් ගෙවන සේවකයන් සඳහා රුපියල් 10,000ක අවම වේතනයක් ද දෛනික වැටුප් ගෙවන සේවයන්ට රුපියල් 400ක දෛනික අවම වේතනයක් ගෙවීමට ද මුල් අවස්ථාවේ දී නියම කරන ලදී.

නැවත 2021 වර්ෂයේ දී මෙම පනතට ගෙනෙන ලද සංශෝධනයක් මඟින් අවම මාසික වේතනය රුපියල් 12,500 දක්වා ද දෛනික වේතනය රුපියල් 500 දක්වා ද 2021 අගෝස්තු මාසයේ සිට ඉහළ නැංවීමට කටයුතු කරන ලදී.

මෑත කාලීනව රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව පෞද්ගලික අංශ‌යේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් 2021 වර්ෂයේ සිට සිදුනොවීම නිසා අවස්ථා කිහිපයක දී ජාතික කම්කරු උපදේශන සභාවේ දී සාකච්ඡා කිරීමෙන් පසු ජාතික අවම වේතනය රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000කින් ද, දෛනික අවම වේතනය රුපියල් 500 සිට 700 දක්වා ද රුපියල් 200කින් ද ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව, අදාළ පියවර අනුගමනය කිරීමෙන් අනතුරුව මෙම සංශෝධන කෙටුම්පත 2024.09.03 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට කටයුතු කළ අතර, කථානායකවරයා විසින් එකී කෙටුම්පතට අත්සන් කිරීමෙන් පසු මෙම මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බව ද අදාළ අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago