නීති විරෝධීව මෙරටට රැගෙන ආ රන් කුඩු කිලෝකවකට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු හැද සිටි කළිසමේ බැද තිබූ ඉන පටිය තුළ පැකට් ලෙස සකස් කර සගවා ගෙන මෙම රත්තරන් කුඩු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 460 ක් රැගෙන පැමිණ තිබුණි .
අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම පුද්ගලයා රේගු අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.
ඔහු ඩුබායි සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පස්වරු 12.10ට පමණ පැමිණ තිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…