සමාජ මාධ්‍ය ඉතිහාසය උඩු යටිකුරු කරමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෙරෙළිකාර ගමනක !

ලොව ජනප්‍රියතම ක්‍රීඩා තරුවක් වන පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමාජ මාධ්‍ය ඉතිහාසය අලුතින් ලියමින් පෙරළිකාර ගමනක නියැලෙනවා.

රොනාල්ඩෝ යූටියුබ් ආගමනයත් සමඟ ඔහු YouTube නාලිකාව දියත් කර එහි පළමු මිනිත්තු 90 තුළ මිලියනයකට වඩා ග්‍රාහකයින් තමන් සන්තක කරගැනීමට ඔහු පසුගියදා සමත් වුණා.

එයාකාර වාර්තා තැබූ ඔහු, සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි ”බිලියන 1 ක අනුගාමිකයින්” (1 BILLION followers) සම්පූර්ණ කරගැනීමට මේ වෙද්දි සමත්කම් දක්වා අවසන්.

ඒ සුවිශේෂී ආරංචිය ගැන ඔහු X හි සටහනක් ද තබා තිබුණා.

එහි ඔහු විශේෂ කරලා තිබුණෙ, “එය ක්‍රීඩාවට එහා ගිය ආදරය පිළිබඳ සාක්ෂියක්” වන බව.

එහිදී රොනාල්ඩෝ රසිකයින්ට ස්තුතිය පුදකර තිබූ අතර ම තමන් මැඩෙයිරා හි කුඩා පිරිමි ළමයෙකුගේ සිට විශිෂ්ටතම ක්‍රීඩකයෙකු බවට පත්වීම දක්වා වූ ගමන ගැන ද ආවර්ජනය කර තිබීම විශේෂයි.

ඒ අනුව සියලුම සමාජ මාධ්‍ය වේදිකා හරහා අනුගාමිකයින් බිලියන 1 සීමාව පසු කළ පළමු පුද්ගලයා බවට පත්වන්නේත් ඔහුයි.

X හි අනුගාමිකයින් මිලියන 100 කට වඩා වැඩි පිරිසකට හිමිකම් කියන ඔහුගේ Instagram හි අනුගාමිකයන් ගණන මිලියන 600 කට වඩා වැඩියි.

මෑතකදී දියත් කළ යූ ටියුබ් නාලිකාව, මේ වන විට ග්‍රාහකයින් මිලියන 60 ක් රැස් කරගෙන.

ඔහුගේ ෆේස්බුක් හි මිලියන 170කට අධික අනුගාමිකයින් සිටින අතර ම චීන සමාජ මාධ්‍ය වේදිකාවල ද රොනාල්ඩෝ සිය අණසක පතුරා අවසන්.

ඒ වගේම UEFA Nations League තරඟාවලියේදී ක්‍රොඒෂියාවට එරෙහිව පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කරන අතරතුර රොනාල්ඩෝ ඔහුගේ 900 වැනි වෘත්තීය ගෝලය වාර්තා කරමින් පසුගියදා තවත් සුවිශේෂී කඩඉමක් පසුකළ වගත් යළි මතක් කළ යුතුයි.

Team CNF

Recent Posts

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

9 minutes ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 hour ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago