දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයෙන් ලංකාවට රන් සහ රිදී පදක්කම් !

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් 03 සහ රිදි පදක්කම් 01 දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එම තරගයේ පිරිමි මීටර 100 හතර සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ තත්පර 40. 28කින් ඉසව්ව නිම කරමිනි.

එමෙන්ම පිරිමි මීටර 400×4 සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයද ඊයේ පැවැත්වුණු අතර එයින්ද රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

එම තරගයේ පළමු මීටර 400 අවසානයේ ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වූ අතර දෙවන හා තෙවන මිටර 400යේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කරට කර සටනක් පැවැතුණා.

අවසන් මීටර 400 දී යශ්ටිය භාරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඉන්දීය ක්‍රීඩකයා අභිබවමින් සුපිරි ධාවනය යෙදෙමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට සමත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකාවේ තරග නිම කාලය දැක්වුණේ විනාඩි 3යි තත්පර 9.27ක් ලෙසයි.

මේ අතර මෙම තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ද රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

එම තරගයේදී හසිත දිසානායක රන් පදක්කමක් දිනා ගත් අතර එහි රිදී පදක්කම සෙනුර හසන්ක දිනා ගනු ලැබුවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago