ශ්‍රී ලංකා

පසුගිය වසර හය තුළ මෙරට රජයේ පාසල් 79ක් වහලා – සිසුන් සහ ගුරුවරුන් ද අඩු වෙයි !

පසුගිය වසර හය ඇතුළත රජයේ පාසල් සංඛ්‍යාව ද 79කින් අඩුවී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

එමෙන්ම රජයේ පාසල්වල සිසුන් ප්‍රමාණය තුන් ලක්ෂ තිස් දෙදහස් අසූ හතරකින් අඩු වී ඇති බව දෙන මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා උපුටා දක්වමින්.

2018 වර්ෂය වනවිට රජයේ පාසල්වල සිටි සිසුන් සංඛ්‍යාව 4,214,772ක් වන අතර පසුගිය වසර වනවිට එම සංඛ්‍යාව 3,882,688ක් දක්වා අඩුවී ඇති බවයි වසන්ත අතුකෝරළ මහතා පෙන්වාදෙනවා.

2018 වර්ෂය වන විට රජයේ පාසල් 10,175ක් පැවැති අතර 2023 වසර වනවිට එම සංඛ්‍යාව 10,096 දක්වා අඩුවී තිබෙනවා.

එම වසර හය තුළ පාසල් ගුරුවරුන් සංඛ්‍යාව ද 9,547කින් අඩුවී ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙන්නේ.

2018 වර්ෂය වනවිට ගුරුවරුන් 247,334ක් සිට ඇති අතර පසුගිය වසර වන විට එම සංඛ්‍යාව 237,787ක් සංඛ්‍යාව අඩුවී ඇති බව සඳහන්.

කෙසේවෙතත් 2018 වසරේ 80ක්ව පැවැති පෞද්ගලික පාසල් සංඛ්‍යාව මේ වනවිට 95ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර 2018 වසරේදී සිසුන් පනහට අඩු පාසල් 1,480ක් තිබූ අතර මේ වනවිට එය 1,506 දක්වා ඉහළ ගොස් ඇති බවයි, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

ළමයින් 51-100 අතර පාසල් 2018 වර්ෂයේදී 1,530ක් පැවැති අතර එය පසුගිය වර්ෂය වන විට එම සංඛ්‍යාව 1,638 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අතුකෝරල මහතා කියා සිටියා.

දරුවන් දෙසියට අඩු පාසල් 2018 වර්ෂයේදී 5,138ක් තිබූ අතර ගිය වර්ෂය වනවිට එම සංඛ්‍යාව 5,262ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු අවධාරණය කළේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago