අධිකරණය හමුවේ පෙනීනොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව වැඩ ආවරණ මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (12දා) වරෙන්තු නිකුත් කළා.
2018 වසරේ පැවැති විරෝධතා ව්‍යාපාරයකදී නීතිඥ මේජර් අජිත් ප්‍රසන්නට අතින් පයින් පහරදී සුළු තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ කොල්ලුපිටිය පොලිසිය විසින් පවරා තිබූ නඩුව ඊයේ කැඳවූවා.
එම නඩුවේ එක් සැකකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මේ වන විට මියගොස් ඇති බැවින් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කොට සමථයක් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බව පෙර නඩු දිනයේදී සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ අධිකරණයට දැනුම් දී තිබුණා.
ඒ අනුව සමථය වාර්තා කිරීම සඳහා ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු හෝ ඔහුගේ ඇපකරු අධිකරණය හමුවේ පෙනීනොසිටීම කෙරෙහි අවධානය යොමුකළ වැඩ ආවරණ මහෙස්ත්‍රාත්වරයා ලබන නොවැම්බර් 18 වැනිදා දක්වා නඩුව කල් තබමින් එම නියෝගය කළා.
සැකකාර මන්ත්‍රීවරයා වෛද්‍යවරයකු මගින් වෛද්‍ය වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…