ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම ලබන වසරේ පාසල් වාරය ජනවාරි මස 02වැනිදා ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙන අතර තෙවන වාරයේ සති දෙකක් පැවැත්වීමට සිදු වන බව සඳහන්.
ඒ හේතුවෙන් ජනවාරි මස 20 වැනි පළමු පාසල් වාරයේ පළමු වාරයේ පළමු දිනය ආරම්භ වීමට නියමිතයි.
ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත් සියල්ල සූදානම් බවට සහතිකයක් ලබා දිය හැකි බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.
මේ වසරට අදාළ ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පැවැත්වෙනවා.
එමෙන්ම මාස ගණන් කල් ගොස් ඇති උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ.
එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් සති දෙකකින් පමණ නිකුක් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…