2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙනවා.
මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු පෙනී සිටීමට නියමිත අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතයි.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරන්නේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට දිනයේ විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු නොපවත්වන ලෙසයි.
එමෙන්ම විභාගය සඳහා පෑන් භාවිත කරන්නේ නම් ඒ සඳහා කළු හෝ නිල් පෑනක් පමණක් භාවිත කරන ලෙසත් වෙනත් වර්ණ පාවිච්චි නොකරන ලෙසත් ඔහු දැනුම් දී තිබෙනවා.
එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කළේ දරුවන් පැන්සල භාවිත කරන්නේ නම් ඒ සඳහා කිසිඳු බාධාවක් නොමැති අතර පැන්සලෙන් ලියන දරුවන්ට පැන්සල් කීපයක් රැගෙන එන ලෙසයි.
එමෙන්ම විභාග මධ්‍යස්ථානයට මකන කෑල්ලක්, අඩි කෝදුවක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට අවසර හිමිවෙනවා.
ස්මාර්ට් වර්ගයේ අත්ඔරලෝසු සහ ෆයිල් කවර විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට අවසර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…