ඊජිප්තුවේ කයිරෝ අගනුවරට ඊසාන දෙසින් Zagazig හි ඊයේ (14) සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 49 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දුම්රිය දෙකක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, තුවාල ලැබූ පුද්ගලයින් 44 දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බවත් පස් දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල වන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් එරට දුම්රිය අධිකාරිය සඳහන් කර තිබුණේ, එක් දුම්රියක් Zagazig සිට Ismailia දක්වා ගමන් කරමින් තිබූ අතර අනෙක Mansoura නගරයේ සිට Zagazig දක්වා ධාවනය වෙමින් තිබූ බවයි.
ඒ අනුව අනතුරට තුඩු දුන් තාක්ෂණික හේතු සොයා බැලීම සඳහා දුම්රිය විශේෂඥයින්ගේ කමිටුවක් පිහිටුවා ඇති බවයි ඔවුන් සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඊජිප්තුව සිය පැරණි ප්‍රවාහන ජාලය සංවර්ධනය කිරීමට, දුම්රිය නවීකරණය කිරීමට සහ දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමට වසර ගණනාවක් තිස්සේ කටයුතු කරමින් සිටින රටකි.
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…
නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…
ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…