මෙවර ජනාධිපතිවරණය සඳහා මෙරටට පැමිණෙන ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් සම්බන්ධව ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
එම නිරීක්ෂකයන් විසින් මැතිවරණ දිස්ත්‍රික්ක 22ම නියෝජනය වන පරිදි මැතිවරණ පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවටයි එම කොම්සම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනූව ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධන වල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට මෙරටට පැමිණ ඇති බව සඳහන් වනවා. ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් බව සඳහන්.
පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් 22 ක් ද, ඇන්ෆ්‍රෙල් සංවිධානයේ නිරීක්ෂකයන් 06ක් ද මේ වන විටත් දිවයිනට පැමිණ ඇති බව සඳහන් වනවා.
තවත් යුරෝපා සංගම් නිරීක්ෂකයන් 34ක් සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ නිරීක්ෂකයන් 03ක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.
මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා අසල්වැසි රාජ්‍යන්ගේ නියෝජිතයන් 07 දෙනෙක් ද සහභාගී වීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…