නිපා වෛරසය ඉන්දියාව ආක්‍රමණය කරයි !

නිපා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙක් ව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දී මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මලප්පුරම් ප්‍රදේශයේ පදිංචි එම 24 හැවිරිදි තරුණයා උසස් අධ්‍යාපනය ලබමින් සිටි අයෙක් වන අතර ඔහුට පසුගිය 04 වනදා උණ ගතියක් ඇතිවී තිබීම නිසා ඔහුගේ සහ සමීපතමයින් 151 දෙනෙක් ව නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මෙම මරණය මලප්පුරම් ප්‍රදේශයෙන් මෙම වසරේ වාර්තා වූ දෙවැනි නිපා මරණය වන අතර පසුගිය ජූලි මාසයේදී 14 හැවිරිදි පාසල් සිසුවෙක් මරණයට පත්විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය ගැන අනතුරු අඟවා ඇති අතර ඉන් වැළකීමට එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.

නිපා වෛරසය පළතුරු වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් පැතිරෙන බවට හඳුනාගෙන තිබේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago