ශ්‍රී ලංකා

රත්නපුරේදී සජබ වේදිකාවට ගොඩ වූ සුසන්ත පුංචිනිලමේට දැඩි විරෝධතාවක් – වේදිකාවෙන් බහින්න වෙලා !

රත්නපුර ලොර් රථගාලේ පෙරේදා (14) පැවැත්වෙමින් තිබූ සමගි ජන බලවේගයේ ජන රැළියට පැමිණ වේදිකාවට ගොඩවුන පොදු ජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේට එල්ල වූ බරපතල විරෝධතාවය හේතුවෙන් ඔහුට වේදිකාවෙන් බැස යන්නට සිදුවූ සිද්ධියක් රත්නපුරයෙන් වාර්තාවනවා.

රැළිය පැවැත්වෙමින් තිබිය දී හිටි අඩියේ සිය සාමාජිකයින් පිරිසක් සමග පැමිණ වේදිකාවට ගොඩවුන සුසන්ත පුංචිනිලමේට විරෝධය දැක්වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇතුළු සංවිධායකවරු කීපදෙනෙක් වේදිකාවෙන් බැස ගොස් තිබෙනවා. මේ සමගම රැස්වීම භූමිය තුළ දැඩි නොසන්සුන්තාවයක් වර්ධනය වන්නට පටන් ගෙන ඇත.

දැනගන්නට ඇති පරිදි සුසන්ත පුංචිනිලමේ සබරගමුවේ වේදිකාවට නැග්ගවීම සඳහා කැඳවා ඇත්තේ තිලංග සුමතිපාල විසිනි.

මේ දැඩි විරෝධතාවය පසුබිමෙහි නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ වේදිකාවෙන් බැස ගොස් යළිත් එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් සමග පැමිණ වේදිකාවට ගොඩවී ජනතාවට ආචාර කර වේදිකාවෙන් බැස ගොස් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස රැළිය අමතන අවස්ථාව වනවිට සුසන්ත පුංචිනිලමේ වේදිකාවේ සිට නැත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago